ප්‍රසම්පාදනය යනු කුමක්ද?

 ප්‍රසම්පාදනය යනු රාජ්‍ය ආයතන විසින් මහජන මුදලින් හෝ ණය ප්‍රධාන,පරිත්‍යාග හෝ වෙනත් සමාන ලැබීම් මගින් භාණ්ඩ ,සේවා හෝ වැඩ ඉතාමත් සුදුසු ලෙස සම්පාදනය කිරීමයි.

 

ප්‍රසම්පාදනයේ ප්‍රධාන පියවරයන්

 

ප්‍රසම්පාදනය සැලසුම් කිරීම

ප්‍රසම්පාදන ලේඛන පිළියෙල කිරීම

ලංසු කැඳවීම් හා ලංසු භාරගැනීම් ක්‍රියාවලිය

ලංසු ඇගයීම

කොන්ත්‍රාත් ප්‍රධානය හා පරිපාලනය

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රසම්පාදන පියවර

 

01. මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම

02. ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම

03. අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම (ලි.ප සැපයුම්කරුවන් වෙතින්)

04. අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම

05. එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම.

06. ප්‍රසම්පාදන මණ්ඩලය හා අදාල නියෝජිතයන් ඉදිරියේ නියමිත දිනයේදි  හා නියමිත වේලාවේදි  මිල කැඳවීම් විවෘත කිරීම

07. ලැබී ඇති මිල කැඳවුම්  තාක්ෂණික  ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම

08. ඇගයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම.( ප්‍රසම්පාදන කමිටු තීරණ  අනුව)

09. අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිමේ  ඇණවුම් යැවීම

10. භාණ්ඩ  පරීක්ෂා  කර බලා කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම

11. නියමිත ලියකියවිලි සමඟ  අදාල ගෙවිම කටයුතු  කිරීම. (නිසි පරිදි පිළියෙල කරන ලද වව්චර් ආදිය)

12. භාණ්ඩ ආදාල ලේඛන වලට ඇතුලත් කල පසු , ඉල්ලුම් කල පාර්ශවයන් වෙත විධිමත් පරිදි නිකුත්   කිරීම

News & Events

10
ජූලි2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central...

Scroll To Top