වටිනාකම් සහතික ලබාගැනීම
-
-
වටිනාකම් සහතිකය ලබා ලබාගන්නේ ඉඩමක් සඳහා නම්...
-
ඉල්ලීම් ලිපිය
-
ඉඩමේ ඔප්පුව
-
පත් ඉරුව
-
ජාතික හැඳුනුම්පත
-
පදිංචි සහතිකය
-
ග්‍රාම නිලධාරී වාර්තාව
-
-
-
වටිනාකම් සහතිකය ලබා ගන්නේ වාහනයක් සඳහා නම්
-
වාහනයේ පොත (අයිතිකරුගේ නමින් තිබිය යුතුය)
-
රක්ෂණ සහතිකය
-
වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන වර්ෂයේ ආදායම් බලපත්‍රය
-
ආදායම් සහතික ලබාගැනීම
අවශ්‍ය සුදුසුකම්
- පිළිගත හැකි ආදායම් උපයන මාර්ගයක් තිබීම.
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලූම්පත්රය
- ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද වාර්තාව
- ආදායම් හා වත්කම් වල අයිතිය තහවුරු කරන ලියවිලි මුල් පිටපත් හා ඡායා පිටපත්
- ආදායම ලෙස ඉදිරිපත් කරන්නේ පවුලේ ගෘහ මූලික අයෙකුගේ ආදායම නම් අදාළ කාරණයට තම ආදායම යෙදවීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපියක්
- අදාළ ගාස්තුව
ඔබගේ ආදායම....
1) ගොවිතැනින් නම්...
වගා කරන ඉඩමට අදාල ඔප්පු පිටපත්
අයිතිය සනාථ නොවන්නේ නම් අයිතිකරුවන්ගෙන් ලබාගත් කැමැත්ත ප්‍රකාශිත ලිපියක් හෝ බදු ඔප්පු පිටපතක්
ආදායම සනාථ කිරීමට අලෙවියෙන් ලද බිල්පත් (මාසික හෝ ත්‍රෛමාසික හෝ වාර්ෂිකව)
බැංකු ගිනුමේ සහතික කළ පිටපත් (ආදායම් සහතිකය ලබා ගන්නා අයගේ නමින් ඉදිරිපත් කර තිබිය යුතුය)
සියලුම පිටපත් සත්‍ය පිටපත් බවට ග්‍රාම නිලධාරීන් සනාථ කර තිබිය යුතුය.
2) වෙළඳාමෙන් නම්...
වෙළඳ ව්‍යාපාරයෙහි අයිතිය සනාථ කරන ලියකියවිලි
ඔප්පු හෝ බදු ඔප්පු පිටපත්
ආදායම සනාථ කිරීමට ගනදෙනු කරන ලද බිල්පත් ( මාස තුනේ සිට හය දක්වා ) එහි ව්‍යාපාරය නම ඇතුළත්ව තිබිය යුතුය
ව්‍යාපාරය ලියාපදිංචි කර තිබීම
වෙළඳ බලපත්‍රය
ඉතිරි කිරීමේ ගිණුම් සම්බන්ධයෙන් පොත් හා ලියකියවිලි බැංකු ගිණුම් හෝ ප්‍රේෂණ පත්‍ර සියලුම පිටපත් සත්‍ය පිටපත් බවට ග්‍රාම නිලධාරී සනාථ කර තිබිය යුතුය
3) ගොවිපලකින් නම්...
ආදායම සනාථ කිරීමට අවශ්‍ය බිල්පත් ඔබ අයදුම් කරන ආදායම බිල්පත් වලින් සනාථ විය යුතුය
පශුවෛද්‍ය නිර්දේශිත ලිපිය
පරිසර අධිකාරියෙන් ලබා ගත් නිර්දේශිත ලිපිය
සතුන්ගේ අයිතිය සනාථ කිරීම
ඉතිරි කිරීමේ ගිණුම් සම්බන්ධයෙන් පොත් හා ලියකියවිලි ඉහත පරිදි අදාළ ලේඛන ඉදිරිපත් කරන්න
සියලුම පිටපත් සත්‍යය පිටපත් බවට ග්‍රාම නිලධාරී සනාථ කර තිබිය යුතුය
4) ප්‍රවාහන සේවා...
වාහනයේ පොත ආදායම් සහතිකය ලබා ගන්නා අයගේ නමින් තිබිය යුතුය එසේ නොමැති නම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ඉදිරිපත් කරන්න
ආදායම සනාථකිරීමට මාසික හෝ වාර්ෂික ආදායම සම්බන්ධව ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද ලිපියකින් සනාථ කොට ලබා දෙන්න
වාහනයේ පොත රක්ෂණ සහතිකය හා වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය
ඉතිරි කිරීමේ ගිණුම් සහතික කළ පිටපත්
5) වෙනත් සුළු පරිමාණ ව්‍යාපාර...
සේවායෝජකයා ගෙන් ලබා ගත් රැකියාවෙහි නිරත වන බව තහවුරු වන ලිපිය
ග්‍රාම නිලධාරී මගින් ලබාගත් ආදායම් උපයන බවට හා වැටුප් විස්තර රැකියාවක නිරත බවට වූ ලිපිය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාරය ලියාපදිංචි කර ඇත්නම් ලියා පදිංචි සහතිකය
බැංකු ගිණුමේ සහතික කළ පිටපත්
සියලුම පිටපත් සත්‍ය පිටපත් බවට ග්‍රාම නිලධාරී සනාථ කර තිබිය යුතුය















